මුල්ලේරියාව මූලික රෝහලේ හා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පවතින චීන පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර දෙකේ පවතින තාක්ෂණික ගැටලු විසඳීම සඳහා චීන තාක්ෂණික කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ හදිසි ඉල්ලීම අනුව පවතින ආසන්නම ගුවන් යානයෙන් ඔවුන් ලංකාවට පැමිණෙන බව තානාපති කාර්යාලය පවසයි.
මේ දක්වා තාක්ෂණික ගැටලුවට හේතුවක් නොමැති බවද තානාපති කාර්යාලය සඳහන් කරයි.
අනෙකුත් යන්ත්රද පරීක්ෂා කරන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.