අංකුඹුර පොලිස් වසමේ ගල්හින්න ප්‍රදේශයේ පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට ගිය සෞඛ්‍ය අංශ නිලධාරීන් පිරිසකට රාජකාරියට බාධා කරමින් එම සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ එහි ගොස් සිටි ග්‍රාම නිලධාරීවරයාට පහරදුන් බව කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පාර කෑමට ලක්වූ කෝවිල් කන්ද ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා රෝහල් ගත කොට ඇති අතර ඔහු විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .
දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් හුදකලා කර ඇති ගල්හින්න ගම්මානයේ පුද්ගලයන් 150 දෙනෙකුට ආසන්න පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් තීරණය කිරීමෙන් අනතුරුව ඉකුත් 19 වැනි දින සෞඛ්‍ය බලධාරීන් සහ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා ද සමග පිටත්ව ගොස් ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් සමඟ ඇතිවූ බහින්බස් වීමක දී මෙම පහරදීම සිදු වි ඇති බවයි පොලීසිය පවසන්නේ. අංකුඹුර පොලීසිය වැඩිදුර පරීක්ෂ පවත්වයි.