COVID-19 වෛරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ප්රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා මෙම ඇඳුම් කට්ටල නිල වශයෙන් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දෙන ලදි.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා දියත් කෙරෙන ජාතික ක්‍රියාන්විතය සඳහා සහයෝගය ලබා දීමේ අරමුණින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, වෛද්‍ය අනිල් ජාසිංහ සහ වෛද්‍ය ආනන්ද ජයලාල් යන මහත්වරුන් ප්රමුඛ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ඡා කර මේවන විට සෞඛ්‍ය සේවා සහ සුව සේවා ක්ෂේත්රයේ සේවකයන් හට පවතින දැඩි අවශ්‍යතා මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේය.
මෙම සාකච්ඡාවලින් අනතුරුව, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තම ජීවිත අවදානම නොතකා කටයුතු කරන COVID-19 වෛරස තත්ත්වයට විශේෂඥ රෝහල්වල ඉදිරිපෙළ සේවයේ නිරත සියලු ම සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා වෛද්‍ය ඇඳුම් කට්ටල ලබා දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තීරණය කළේය.
නියමිත අවශ්‍යතාව පරිදි මෙම ඇඳුම් කට්ටල මැසීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලදි.