ලෝක සාවාරියක යෙදුන MSC Magnifica නෞකාවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වූ අනුර බණ්ඩාර මහතා බේරා ගැනිම වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
අද වෙබ් අඩවිය මේ පිළිබඳව ඊයේ අණාවරණය කිරීමෙන් පුව බොහෝ දෙනෙකුගේ අවධානය මේ කෙරෙහි යොමුවූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු බොහෝ පිරිසකගේ අවධානය මේ පිළිබඳව යොමුවිය.
මේ පිළිබඳව කටයුතු කළ අද වෙබ් අඩවියට අනුර බණ්ඩාර මහතා විශේෂ ස්තුතියක්ද ප්‍රකාශ කළේය.
මෙම නෞකාවේ සමස්ත මගින් සංඛ්‍යාව 2700 ක් වූ අතර ලෝක සවාරියක් නෞකාව ජනවාරි මස 5 වෙනිදා පිටත් වුවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමීමට සිදුව තිබුණ.
ලෝකයේ කිසිදු රටක වරායක් මෙම නෞකාව භාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මවු ශාකාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් වීම සඳහා දැන් ගමන් ආරම්භ කර තිබුණි.
මේ වන විට දින 25 කට අධික කාලයක් සියලු දෙනා මෙම නෞකාවේ රැදි සිටින අතර කිසිදු කොරෝනා ආසාදිතයෙක් නෞකාවෙන් වාර්තා වී නොතිබුණි.
මෙම නෞකාවට සැපයුම් ලබා ගැනීම සඳහා අද අලුයම 6 ට පමණ කොළඹ වරායට පැමිණ පැය 3 ක කාලයක් රැදි සිටීමට නියමිතව තිබුණි.
එහිදි ශ්‍රී ලංකාවට තමාව භාර ගන්නා ලෙසත් අනුර බණ්ඩාර මහතා ඉල්ලීමක් කළේය. මේ අවස්ථාවේදි තමාට ලංකාවට ඒමට බැරි වුවහොත් නැවත යුරෝපයට යෑමට සිදුවන බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීම ඉතාමත් අපහසු බවත් ඔහු මුලින් සඳහන් කළේය.
ඔහුව බේරා ගැනීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාවික හමුදාව ප්‍රධාන ත්‍රිවිධ හමුදාව මැදිහත්වී කටයුතු කර තිබේ.
චමිල් රූපසිංහ