Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
ලෝක සාවාරියක යෙදෙන MSC Magnifica නෞකාව 06 දා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට සේන්දුවීමට නියමිත බවත් එහිදි තමාව ශ්‍රී ලංකාවට භාර ගන්නා ලෙස ජනාධිපතිතුවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එම නෞකාවේ සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර මහතා පවසයි.
නෞකාවේ සමස්ත මගින් සංඛ්‍යාව 2700 ක් පමණ බවත් ලෝක සවාරියක් නෞකාව ජනවාරි මස 5 වෙනිදා පිටත් වුවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමීමට සිදුවූ බවත් ඔහු පැවැසීය.ලෝකයේ කිසිදු රටක වාරයක් මෙම නෞකාව භාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මවු ශාකාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් වීම සඳහා දැන් ගමන් ආරම්භ කර සිටින බවත් ඔහු පැවැසීය.
මේ වන විට දින 25 ක් ක කාලයක් සියලු දෙනා මෙම නෞකාවේ රැදි සිටින අතර කිසිදු කොරෝනා ආසාදිතයෙක් නෞකාවෙන් වාර්තා වී නොමැති බවත් ඔහු පැවැසීය.
මෙම නෞකාවට සැපයුම් ලබා ගැනීම සඳහා හෙට අලුයම 6 ට පමණ කොළඹ වරායට පැමිණ පැය 3 ක කාලයක් රැදි සිටින බවත් එහිදි ශ්‍රී ලංකාවට තමාව භාර ගන්නා ලෙසත් ඔහු ඉල්ලීමක් කරයි.
මේ අවස්ථාවේදි තමාට ලංකාවට ඒමට බැරි වුවහොත් නැවත යුරෝපයට යෑමට සිදුවන බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීම ඉතාමත් අපහසු බවත් ඔහු පැවැසීය.
තමාව හෙට දිනයේදි ලංකාවට ලබා ගැනිමට කටයුතු කරන ලෙසත් තමා මාසයක් දෙකක් හෝ නිරෝධායනයට යොමු වීමට කැමැත්ත ප්‍රකාස කර සිටින්නට කැමැති බවද ඔහු පවසයි.
මෙහි අනිකුත් රටවල් වන ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල් වල පිරිස් ලබා ගැනිම සඳහා එම රටවල් වල ගුවන් යානා ලබා දුන්නත් එකම ශ්‍රී ලාංකිකයා වන තමාට එවැනි කාර්යක් මෙරටට කිරිමට අපහසු වන බැවින් හෙට දිනයේදි මෙරට වරායට පැමිණි පසු රටට ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින
බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
චමිල් රූපසිංහ
popular news
rana Sunday, 05 April 2020 10:39 AM
ඔබ තවමත් ලංකා පුරවසියෙක්නම් ඔබට මව් බිමට ඒමට සහ අපි ඔබව බාර ගැනීම අනිවාර්ය වේ ! ලාංකිකයෙක් වශයෙන් ඔබට ඒ අඉතිය ඇත .
Reply : 0 6
Jinesh Sunday, 05 April 2020 10:47 AM
Can some one send me WhatsApp Viber contact details of this seafarer? Pls send to [email protected]
Reply : 0 0
Sri Jayasinghe Sunday, 05 April 2020 12:27 PM
ඔව් ඇත්තටම එයාගේ ඉල්ලීමට රජය අවධානය යොමු කල යුතුයි.
Reply : 0 0
Janak Samaraweera Sunday, 05 April 2020 03:31 PM
Shipping ministry will arrange to sign him off, please tell the ship to send the sign off request letter
Reply : 0 0
Champa Sunday, 05 April 2020 05:46 PM
මේ ඉල්ලීමට ලංකාණ්ඩුව කන් දීල මේ ශ්‍රී ලාංකිකයව බාර ගන්න.
Reply : 0 1
Kumar Monday, 06 April 2020 07:20 AM
නැව ලංකාවේ වාරයකට එනවනම් ජිවිත ආරක්ෂා කරන එකක් ඇඳගෙන තමන්ගේ ගමන් බලපත්‍රයත් ආරක්ෂාකරගෙන ගොඩට එන්න.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd