ඔබට MSC Magnifica නෞකාව මතකද? එසේත් නොමැතිනම් විදේශීය රටක නෞකාවක සේවය කළ එකම ශ්රී ලාංකිකයා වූ සූපවේදී අනුර හේරත් මතකද?
අනුර හේරත් ගමන් ගත් MSC Magnifica නෞකාව අද දිනයේදී Marseille වරායට නැංගුරම් ලෑමට නියමිතව තිබේ. මෙම නෞකාව කොවිඩ් වයරස් වසංගතය හේතුවෙන් සාගරය මැද අවසන් වරට ඉතිරු වූ නෞකාවන් තුනෙන් එකක් විය.
ජනවාරි මාසයේදී යුරෝපයෙන් ගමන් ආරම්භ කළ මෙම නෞකාවට සැලසුම් කළ ආකාරයෙන් සිය සංචාරය නිමා කිරීමට නොහැකි විය.
ඒ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් වරායවල් වසා දැමීම හේතුවෙන් එම රටවලට නැංගුරම් ලෑමට ඔවුන්ට අවස්ථාවක් නොලද හෙයිනි.
ඒ අනුව නෞකාව යළිත් යුරෝපය කරා ගමන් ආරම්භ කළ අතර එහි ගමන් ගත් ශ්රී ලාංකික ජාතික අනුර හේරත් තමන්ව ලංකාවට ලබාගන්නා ලෙස ඉල්ලීමක්ද කළේය.
මේ පිළිබඳව අද වෙබ් අඩවිය හා ෆේස්බුක් පිටුවද තොරතුරු අණාවරණය කර ගත් අතර පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවීමෙන් ඔහුට ලංකාවට පැමිණීමට අවස්ථාව ලැබුණි.