යෝජිත අත්තනගල්ල ජල ව්‍යාපෘතිය හරහා දූෂණ රැසක් සිදුවන බව පවසමින් මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අත්තනගල්ල ප්‍ර දේශවාසීහු පිරිසක් අද (10දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට සූදානම් වී සිටිති.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන මෙම ජල ව්‍යාපෘතිය පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.
එම රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 32ක් ඇස්තමේන්තු කර තිබූ අතර එවකට විපක්ෂය වූ වත්මන් ආණ්ඩු පාර්ශ්වය චෝදනා කළේ එම ව්‍යාපෘතියට මෙතරම් මුදලක් වැය නොවන බවයි.
අත්තනගල්ල ජල ව්‍යාපෘතිය රුපියල් බිලියන 18ක් පමණ වැය වන බව ඔවුන් එදා සඳහන් කළේය.
එසේ වුවද වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුවද මෙම ජල ව්‍යාපෘතිය පිළිබඳ කිසිඳු ඇගයීමක් නොකර යළිත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට යන බවට ප්‍ර දේශවාසීහු චෝදනා කරති.
මෙම ව්‍යාපෘතියේ අක්‍රමිකතා සිදුවන බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළද ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගත් බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.