අධිරාජ්‍ය විරෝධී අරගලය බහුජන අරගලයක් බවට පත් කළ යුතු බවත් එය වමේ ව්‍යාපාරයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක විය යුතු බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
'එම්.සී.සී. උගුල හා ගොදුර' තේමාව යටතේ ඊයේ (17) කොළඹ, පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් නාගමුව මහතා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නාගමුව මහතා,
“ලංකාව වැනි රාජ්‍යයන්ට අධිරාජ්‍යවාදී ලෝක බලවතුන් විසින් ණයදීම හරහා මැදිහත් වෙනවා. ආධාර දීම හරහා මැදිහත් වෙනවා. ලෝක බැංකුව, මූල්‍ය අරමුදල ණය හරහා මැදිහත් වෙන්න හදා ගත් උපක්‍රම. එක්සත් ජනපදය ආධාර හරහා මැදිහත් වෙන්න හදා ගත් ආයතනය තමයි යූ.එස්.ඒඩ්. එහි ක්‍රියාකාරිත්වය ලෝකය පුරාම සිදුවෙනවා. මේක 1980 පමණ සිට ලෝකය පුරා විහිද ගිය වැඩපිළිවෙළක්.
නමුත් 2000 වසරෙදි පමණ මීළඟ සියවසත් ඇමරිකානු සියවසක් විය යුතුයි කියලා සැලසුමක් හදනවා. ඒ සඳහා යූඑස්ඒඩ් ආයතනය දැනට කරන ක්‍රියාකාරීත්වයට වඩා පුළුල් මැදිහත්වීමක් කරන්න තමයි මේ එම්.සී.සී අරමුදල හදන්නේ. මේ ආයතනය ඇමරිකානු රජයෙන් ස්වාධීන නෑ. රාජ්‍ය ලේකම්, භාණ්ඩාගාර ලේකම් මෙහි විධායක බලය සහිත මණ්ඩලය තුළ ඉන්නවා. යූ.එස්ඒඩ් ආයතනයේ නියෝජිතයෙක් ඉන්නවා. ඇමරිකානු කොංග්‍රසය තමයි නිලධාරීන් නම් කරන්නේ.
නමුත් රටක ක්‍රියාත්මක වෙද්දි ඒ රටේ නියෝජිතයනුත් සම්බන්ධ කරනවා කියලා ඔවුන් කියනවා. නමුත් ඇමරිකාවේ අවශ්‍යතාවත් එක්ක සම්බන්ධයි. එක්සත් ජනපද දේශපාලන හා ආර්ථික අරමුණුත් එක්ක සම්බන්ධයි.
මේ ආයතනය රටකට මුදල් දෙන්න බලපාන තත්ත්වය මොකද්ද? ඔවුන් තෝරා ගත් රටවල්වල කිසියම් නිර්ණායක ප්‍රමාණයක් බලනවා. ක්ෂේත්‍ර 20ක් සලකා බලනවා. ආර්ථික නිදහස, සාධාරණ ලෙස පාලනය, දූෂනයෙන් තොරවීම, ජනතාව සඳහා ආයෝජනය කියන පැති තුන ආවරනය කරන බව ඔවුන් කියනවා. මේ කරුණු 20න් 13ක්වත් සැපිරෙන්න ඕන මේ ප්රදානය ලැබෙන්න. ලංකාව 13ක් සමත් වීම නිසා තමයි මෙම ප්රදානය ලැබුණෙ. නමුත් මේ යටතේ මහබැංකුව කොල්ලකෑම වැනි බරපතළ දූෂණ චෝදනා තිබියදී ලංකාව ඒ කොටසින් සමත් වුණේ කොහොමද? මේ වගේ ප්‍රශ්න රාශියක් අපට තිබෙනවා. ඒ නිසා ඇත්තටම මේ ප්රදානය ලැබීමට රටක් සුදුසු වෙන්නෙ ඒ කියන නිර්ණායකවලින් සමත්වීම නිසාද? එහෙම නැත්නම් වෙන අවශ්‍යතා නිසාද බලන්න ඕන.
අනෙක් අතට මේ ප්රදානය හිමි වෙන්නෙ පහළ ආදායම් සහ පහළ මැද ආදායම් ලබන රටවල්වලට පමණයි. ලංකාව දැන් ඉන්නේ පහළ මැදි ආදායම් ලබන රටක් විදියට. පවතින ආර්ථික වර්ධනයන් එක්ක ලංකාව සම්බන්ධයෙන් 2020 ඒ තත්ත්වය ඉහළට යනවා. ඒ නිසා තමයි මේ ගිවිසුම අත්සන් කරන්න හදිසි වෙන්නෙ.
අප දන්න විදියට එම්.සී.සී ගිවිසුමේ කොටස් තුනක් තිබෙනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ගිවිසුම, ව්‍යාපෘති සැලසුමේ ක්‍රියාකාරිත්වය සහිත සැලැස්ම, වරින් වර ඇමරිකානු කොංග්‍රසයට ලංකාව සම්බන්ධව යැවූ වාර්තා තිබෙනවා. කවුරු හරි ගිවිසුම ගැන උනන්දු වෙනවා නම් එක කොළයක් විතරක් බලන්න එපා. කොටස් තුනම අධ්‍ය්‍යයනය කරන්න.
2017 ජුලි 17 එම්.සී.සී. වැඩසටහන වෙනුවෙන් යවන ලද වාර්තාවෙන් ලංකාවේ එම්.සී.සී ප්රදානය සම්බන්ධ මූලික බාධා තුනක් නම්කර තිබුණා. ඒ අතුරින් පළමුවැන්න ලෙස මූල්‍ය ප්‍රතිපත්තියේ තිබෙන අස්ථාවරභාවය, බදු ප්‍රතිපත්ති ගැටලු, ආර්ථික ප්‍රතිපත්ති විටින් විට සිදුවන වෙනස්වීම් හා චලනයන් බාධාවක් කියලා එහි සඳහන් වුණා. දෙවැනි කරුණ ප්‍රවාහනයේදී අකාර්යක්ෂමතාව. තුන්වැනි කරුණ ලෙස සඳහනු කරනු ලැබුවෙ ලංකාවේ ඉඩම් වෙළෙඳපළ පිළිබඳ නීතිවල ගැටලු. පෞද්ගලික අංශයට මිලදී ගන්න බෑ, ලංකාවට එන ආයෝජකයන්ට ප්‍රශ්නයක් කියලා ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ලංකාවට එන බහුජාතික සමාගම්වලට ඉඩම් කොල්ලකන්න බැරිවීම දැන් තිබෙන නීතියේ ප්‍රශ්නයක් බව ඔවුන් කියනවා.
ඒ නිසා එම්.සීසී. ආයතනය මැදිහත් වෙන්නේ දෙවැනි සහ තුන්වැනි කරුණු දෙක සම්බන්ධයෙන්.
ගෝඨාභය ජනාධිපති වුණු ගමන්ම ඉනදියවට ගිහින් ණයක් ඉල්ලගෙන ආවා. මොනවද ඉන්දියාව ඉල්ලුවේ? ඒක කියන්න. දැන් අපි ආර්ථික උගුලෙන් දේපාලන උගුලට යමින් ඉන්නවා. දැන් අපි ඉන්නේ දේශපාලන උගුලක් ඇතුළේ. ලෝක දේශපාලනයේ ගැටුම් උත්සන්න වෙන්නේ මොන විදියටද ඒක ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. ලෝක යුද්ධයක් ඇති වෙනවා නම්, ඒ ලෝක යුද්ධයේ දඩබිමක් බවට ලංකාව පත්වීම වළක්වන්න බෑ. චීන, ඇමරිකන්, ඉන්දියන් උගුලකට හසු වෙලා තිබෙනවා.
මේ උගුල් මෙහෙම ක්‍රියාත්මක වෙද්දි ලංකවේ දේශපාලනය සකස් වෙලා තියෙන්නේ කොහොමද? පාලනයේ ඉන්නේ පොදුජන පෙරමුණ. අපි දැක්කා ඡන්දට ආපු විදිය. දිවුරුම් දුන්නු විදිය. මේ අධිරාජ්‍යවාදී මැදිහත්වීමට අත්‍යාවශ්‍ය කොන්දේසිය තමයි අභ්‍යන්තර කුළල් කා ගැනීම. ඒකට පසුබිම හදන එක තමයි මේ අය කරන්නේ. ජාතිවාදී ව්‍යාපෘතියි අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියයි එකට බැඳලා තියෙන්නේ.
එක්සත් ජනපදයේ එකම නියෝජිතයා රනිල් හරි සජිත් විතරක් නොවෙයි. අපි දන්නේ නෑනේ හරියටම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළාද කියලා. එයා ඇමරිකාවට හිතවත්ව වැඩ කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඒකරාශී කරන ව්‍යාපෘතියකට විතරයි මේ අධිරාජ්‍යවාදී උගුලෙන් රට ගලවගන්න පුළුවන් වෙන්නේ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.