Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස රජයට බල කරමින් උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී උපවාසයක් ආරම්භ කළහ.
සෙත් පිරිත් දේශනා මධ්‍යයේ උන්වහන්සේ උපවාසය ආරම්භ කළහ. මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
එම්.සී.සී. ගිවිසුව අහෝසි කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරන තෙක් උන්වහන්සේ උපවාසයේ නිරත වීමට අපේක්ෂා කරති.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
bandara Tuesday, 05 November 2019 09:57 AM
කශ්ශප හිමියනේ ඔබ වහන්සේ රට වෙනුවන් ගත්ත මේ තීරණයට බුදු සරණයි . ඔබ වහන්සේ පුද්ගලික තීරණ ගන්නේ නැති බව ඉත පැහැදිලියි අපි ඔබ වහන්සේ සමගයි . රටට සෙත් වේවා. බුදු සසුනට සෙත් වේවා .
Reply : 0 10
Sudath Tuesday, 05 November 2019 11:44 AM
මේකනම් රට වෙනුවෙන් ගත්ත තීරණයක්. නො පොලිටික්ස් ... තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට. නමෝ බුද්ධාය..
Reply : 0 11
ටි ඉන්දික Tuesday, 05 November 2019 01:29 PM
2011 දි උන් වහන්සේ කොහේද දන් නෑ වැඩ හිටියේ. ඒදාම ඕකට විරුද්ධය හඩක් නැගුවනම් හරිහෝ වැරදි තීරණයකට එන්න තිබ්බානේ
Reply : 0 0
M.H Wickramasinghe Tuesday, 05 November 2019 04:08 PM
rata bera genimata api sema ekwemu. Samma sambudu saranayi
Reply : 0 8
Vishaka Tuesday, 05 November 2019 05:19 PM
පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ට තුණුරුවන් ගේ ආරක්ෂාව ලැබෙනවා සත්තයි . ඔබ වහන්සේ රට ජාතිය ආගම වෙනුවෙන් මේ සිදු කරන් නේ උතුම් සත් ක්‍රියාවක් . අප ඔබ වහන්සේ සමගයි .පින්වත් ස්වාමීන් වහන්සේ ගේ අධිෂ්ටාන ශක්තිය දියුණු වේවා !! සියලු දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා !!
Reply : 0 9
Champa Tuesday, 05 November 2019 06:33 PM
යහපාලකයෝ මර නින්දේද? දළදා සමිඳු පිහිටයි හාමුදුරුවන්ට.
Reply : 0 9
dilal Tuesday, 05 November 2019 08:41 PM
මට නම් හිතාගන්නවත් බැහැ ඔබ වහන්සේ කොහොමද මෙහෙම තීරණයක් ගත්තේ කියා .කාගේ බණද හොද කියා අසන ඇත්තන්ට මම ඔබ වහන්සේගේ බණ හොදයි කියා මම නිර්දෙසකලා .දැන් ඒ ඇත්තෝ මොනවා අසාවිද මන්ද .ඔබ වහන්සේ හොදින් ධර්මය දේසනා කලා වගේ රටටම පැහැදිලි කරන්න ඔය ගිවිසුමේ තිබෙන රටට අවාසිදායක කොන්දේසි මොනවද කියා .
Reply : 0 0
Kumar Tuesday, 05 November 2019 08:53 PM
ස්වාමින් වහන්ස, ඔබවහන්සේගේ උපවාසයෙන් අපවත් වුනත් කෑදර දේශපාලුවෝ ඔය මුදල ගන්නවාමයි. ඔබ වහන්සේ ජීවත්ව සිටියොත් බොහෝ දෙනෙකුට යහපතක් සිදුවෙන නිසා ඔය උපවාසය අතහැර දමන්න.
Reply : 1 0
අබිලින් Wednesday, 06 November 2019 06:46 AM
මේ අර අපේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨාචාර්ය හාමුදුරුවෝ නේද.අවසරයි අපේ හාමුදුරුවනේ අපිත් දන්නේ නැහැ ඔය ගිවිසුමේ තියෙන රටට අහිතකරදේවල් මොනවාද කියල.ඒ ගැන අන්තර් ජංජාලයේනම් තියෙනවාළු.කියවාගන්න ඉංග්‍රීසි දැනුමක් නැහැ.ඒ ගැන උපවාස නොකර අපව දැනුවත් කරන සේක්වා.එහෙම කලොත් අපටත් ඔය උපවාසයට සහභාගිවෙන්න පුළුවන් අපේ හාමුදුරුවනේ
Reply : 0 0
Champa Wednesday, 06 November 2019 01:57 PM
අබිලින් කොහෙද ඉන්නේ? ඔය ගිවිසුම් ගැන අවුරුද්දක් තිස්සේ රටම කතා වෙනවා. STOP USA කියන සංවිධානයේ ගිය සතියේ කරපු මාධ්‍ය සාකච්චාව සහ දැනුවත් කිරීම කලේ සිංහලෙන්. ඒක බලන්න. ඒ වගේම ගිවිසුමේ අනර්ථකාරී බව ගැන ජාතික ආර්ථික කොමිසමේ නිර්දේශ විමල් වීරවංශ මාධ්‍යට ඉදිරිපත් කළා. ඒව රටම දැක්කේ පලවෙනි වතාවට. ඒක අහන්නත් පුළුවන්. කියවන්නත් පුළුවන්. සිංහලෙන් තියෙන්නේ.
Reply : 0 8
අබිලින් Wednesday, 06 November 2019 05:51 PM
ජනතා විමුක්ති පෙරමුනේ සිට අළුත් පක්ෂයක් හදාගෙන යන ගමන් හොටු පෙරමින් විමල් වීරවංශ කිව්වේ කිසිදා සීගිරියටත් සිරිපාදයටත් නොගියා කියලයි.මේරටේ එවැනි තැනක්වත් නොදැක්ක විමල් කියනදේ පිලිගන්න පුළුවන්ද චම්පා නංගී
1 26
Champa Friday, 08 November 2019 05:40 PM
මම සිගිරිය ගැනත් සිරිපාදේ ගැනත් බොහෝ දේවල් දන්නවා. හැබැයි මමත් විමල් වගේ ඔය දෙකටම ගිහින් නැහැ. නමුත් පොඩි කාලේ අනිත් ඔක්කොම වන්දනා ගමන් ගිහින් තියෙනව. සීගිරියෙයි සිරිපාදෙයි යන්න බැරි වුනේ අපේ අම්ම සිගිරිය නගින්න බයයි කියපු හින්ද සීගිරියේ පඩි පේලිය යටින් පහල පෙනෙන හින්ද බයයි කිව්වා. සිරීපාදේ යන්න බැරි වුනෙත් අම්ම උඩ නගින්න බයයි කියපු හින්ද. මිහින්තලේ ගිහමත් අම්ම බිම ඉන්නවා අපි විතරයි උඩට යන්නේ. ඒ හින්ද සීගිරියයි සිරිපාදෙයි නගින්න බැරි වෙච්ච එකෙන් හැම දේම තීරණය කරන එක වැරදියි. විමල් කියන එක පිළිගන්න බැරි නම් ජාතික ආර්ථික කොමිසමේ නිර්දේශ කියවල බලන්න.
0 0
ඇබිත්තයා Wednesday, 06 November 2019 06:50 AM
.අවසරයි අපේ හාමුදුරුවනේ අපිත් දන්නේ නැහැ ඔය ගිවිසුමේ තියෙන රටට අහිතකරදේවල් මොනවාද කියල.ඒ ගැන අන්තර් ජංජාලයේනම් තියෙනවාළු.කියවාගන්න ඉංග්‍රීසි දැනුමක් නැහැ.ඒ ගැන උපවාස නොකර අපව දැනුවත් කරන සේක්වා.එහෙම කලොත් අපටත් ඔය උපවාසයට සහභාගිවෙන්න පුළුවන් අපේ හාමුදුරුවනේ අපිට කණගාටුව ඔතන වැඳගෙන ඉන්න හාමුරුදුරුවෝ මල්කැකුලට කඩේයාම තමයි හාමුදුරුවනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd