හවුල්කාර රටේ සම්බන්ධවීම අඩුබව හේතුවෙන්, ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා යෝජනා වී තිබූ රු.බිලියන 89ක MCC සංවර්ධන ආධාර ප්රදානය නැවැත්වීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්යක්ෂ මණ්ඩලය 15දා තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව සඳහා අනුමතව තිබූ එම රු.බිලියන 89ක මුදල, තමන්ගේ සංවර්ධන ප්‍රමුඛතා හඹා යාමට, දුගීබව අඩුකර ගැනීමට සහ තම ආර්ථික වර්ධනය කරගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටවලට ලබාගත හැකිවනු ඇති බවද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.