දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබේ.
ඒ අද (02දා) යාපනය වීරේශ්වරම් ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී එල්.ටී.ටී.ඊ සංවිධානය පැවති කාලය තුළ දෙමළ ජනතාව සාමකාමීව සිටි බවත් යුද්ධය නිමාවු 2009 මැයි 18 පසු නැවත එය දැනෙන්න පටන් ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
එමෙන්ම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තම හිතසුව පිණිස කටයුතු කරනවා විනා දෙමළ ජනතාව පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදු නොකරන බවටද එහිදී චෝදනා එල්ල කර තිබේ.
මෙම උත්සව අවස්ථාවේදී දමිළ ඊළාම් රාජ්‍යයේ සිතියමක්ද ප්‍රදර්ශනය කර ඇති අතර ඒ පිළිබඳ ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ.
