එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව එක්සත් රාජධානිය තුළ පනවා ඇති තහනමට එරෙහිව දමිල ඊළාමය සඳහා සංක්‍රාන්ති රජය නම් සංවිධානය ඉදිරිපත් කර තිබූ ඇපෑල විභාගයට ගැනීමට එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාව ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ එරට තහනම් සංවිධාන ලැයිස්තුවට LTTE සංවිධානය ඇතුළත් කර තිබූ අතර එය ඉවත් කරන ලෙස දමිල ඊළාමය සඳහා සංක්‍රාන්ති රජය ඉදිරිපත් කළ ඉල්ලීම 2019 මාර්තු 08 දා ප්‍රතික්ෂේප කිරීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ගත් තීරණය අභියෝගයට ලක්කරමින් 2019 මැයි මාසයේදී ඉදිරිපත් කළ ඇපෑලක් සලකා බලමින් එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනාධිකරණය මෙම තීරණය ගෙන තිබේ.
මෙම ඇපෑල විනිශ්චය කිරීමේදී ශ්‍රී ලංකා රජය එහි පාර්ශවකරුවෙකු නොවූ බවත් සෘජු නියොජයනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබුණ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබා දීමෙන් ශ්‍රී ලංකා රජය එක්සත් රාජධානියේ රජයට අඛණ්ඩව සහාය වූ බවත් මෙම නඩුවේ ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා රජය අඛණ්ඩව නිරීක්ෂණය කරන බවත් අමාත්‍යාංශය පවසයි.
එල්ටීටීඊයේ අවශේෂ සහ එහි ත්‍රස්තවාදී මතවාදයට අනුකූල කණ්ඩායම් විදේශ රටවල ක්‍රියාකාරී බවත් ප්රචණ්ඩත්වය උසිගැන්වීමට සහ රට අස්ථාවර කිරීමට ක්‍රියා කරන බවට ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ශ්‍රී ලංකා රජයට ඇති බවත් විදේශ අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව සිය ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපයේ තර්ජනයන් පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින බවත්ත්රස්තවාදයට එරෙහි ගෝලීය අරගලයේදී ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයින්ට සැමවිටම සහාය වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.