Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 09 වන ඉරිදා
2025 පෙබරවාරි මස 09 වන ඉරිදා
යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවූ බවත් මෙම ගිවිසුම හරහා ගෑස් සැපයීමේ ඒකාධිකාරිය නොපෙනෙන ඉමක් දක්වා ඇමෙරිනාකු සමාගමට හිමිවන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමට කොළඹ පැවැති හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“ වසංගතය නිසා අමාත්‍ය මණ්ඩල පැවැත්වූයේ ඔන්ලයින් හරහායි. කැබිනට් මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රමය තමයි ප්‍රමාණවත් කාලයක ඇමති මණ්ඩලයට සන්දේශ ලැබෙන්න ඕන. ඇමති මණ්ඩලය තම තමන්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව තමයි සම්මත කර ගන්නේ. ඊට අපි හැමෝම වගකියනවා.
නමුත් නිව් ප්රෝට්රේස් සමාගමට ගෑස් සැපයීමේ ඒකාධිකාරිය, බොරුවට අවුරුදු කියන්න එපා අවුරුදු පහක් කියලා. අනාගතයේ නොපෙනන ඉමක් දක්වා ගැස් සැපයිම භාර දෙන්නේ ඔය ඇමෙරිකානු සමාගමට. ඇමෙරිකානු සමාගමට සදාකාලිකවම ගෑස් සැපයිමේ ඒකාධිකාරිය දෙන මේ කැබිනට් පත්‍රිකාව ආවේ කොහොමද දන්නවද?
අපි ඔන්ලයින් ඉන්නවා. සියලු අපි දන්න කැබිනට් පත්‍රිකා කතා කරලා ඉවර කරනවා. වෙනත් කරුණු කියල එකක් එනවා. ඒකෙදී ගරු මුදල් ඇමතිතුමා අහනවා කැබිනට් ලේකම්ගෙන් ‘ලේකම්තුමා මමත් අද එකක් ගෙනාවා ඒක නැත්ද?’ කියලා.
කැබිනට් ලේකම් කියනවා ‘ගරු ඇමතිතුමා ඒක මට ආවේ මම වාඩිවුණාට පස්සේ මට ඒක කියව ගන්නත් බැරිවුණා කියලා. ඔබතුමා පැහැදිලි කරන්න’ කියනවා.
සාමාන්‍ය යෙන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරන්නේ කැබිනට් ලේකම්තුමා. කැබිනට් ලේකම් කියනවා ‘මම මෙතන වාඩි වුණාට පස්සේ ඕක ආවේ. මට කියව ගන්නත් බැරිවුණා. දන්නේ ඔබතුමානේ ඔබතුමාම ඕක කියවන්න’ කියනවා.
මම ඇමතිමණ්ඩලයේ මහා දීර්ඝ කාලයක් නොසිටියත් මම එහෙම අවස්ථාවකට මුහුණ දීලා නෑ. ඒක ඒ විදිහට ඉවර වුණා.
ඊට පස්සේ උදය ගම්මන්පිල මැතිතුමා අපි මොකද වුණේ කියලා හිතන කොට කැබිනට් මිනිස්ට් ඇවිත් තියෙනවා අහවල් කැබිනට් පත්‍රිකාවට ඇමතිතුමා දිර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර දීර්ඝ සාකච්ඡාවලට පසුව මේ මේ තීරණවලට එකඟවිය කියලා.
මම බැලුවා ඔලුවට අයිස් කැටයකින් ගහගෙන මේ හීනයක්ද කියලා. මෙහෙමයි මේක අනුමත වුණේ. උසාවියට ඇවත් කියනවා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. බොරු ලියන්න එපා. කිසිම සාකච්චාවක් වුණේ නෑ.
හොරට ගෙනාවේ. තක්කඩිකමින් ගෙනවේ. කිසිම සාකච්ඡාවක් වුණේ නැ. මේ ඇමතිකට්ට වෙනුවෙන් ඔය ඔක්කොම පිළි අරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි.
මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලය දුන්නේ විශ්වාස කළේ. වෙන අයට කොල්ල කන්න නෙමෙයි.
විදුලි බල මණ්ඩලයෙන් දාපු ඩෙන්ඩරය මොකද්ද? ඩලස් ඇමතිතුමාට විදුලි බලයත් නැතිවුණා මම දන්නේ නෑ මේක හේතු වුණාද කියලා. එහෙමත් හිතෙනවා. ඒ අය දෙනවා ටෙන්ඩරය. ගබඩා නැව එක ටෙන්ඩරයක්. නල පද්ධතිය එළීම තව ටෙන්ඩරයක්. ගෑස් සැපයීම තියෙන්නේ විදුලි බල මණ්ඩලය අතේ.
විදුලි බල මණ්ඩලය ටෙන්ඩර් කරලා කලින් කලට විධිමත් ක්‍රියා පටිපාටියක් යටතේ එල්.එන්.ජී. ගන්නවා. දැන් ගාණ තිරණය කරලා ඉවරයි. අපි පාවිච්චි කළත් නොකළත්, අපි හිතමු වැස්ස හොඳට තිබ්බොත් එල්.එන්.ජී. පාවිච්චිය අඩුවෙනවා. පාවිච්චි කළත් නොකළත් නියමිත එල්.එන්.ජී. ප්‍රමාණය අපි මිලදී ගන්න ඕන.
ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ලැබිමෙන් ලංකාව අභ්‍යන්තරයේ දේශපාලනයේ කේවල් කිරීමේ බලය ඇමෙරිකාවට ලැබෙනවා. මේක අනාගතය පාවදීමක්. බිල්ලට දීමක්.
අපි ඇමතිකම් තිබුණත් නැතත් මේ රටේ ජිවත්වෙලා මේ රටේ මැරිලා යන්න ඉන්න මිනිස්සු. අපේ බොඩි එක කොහොවත් වෙන රටකට ගෙනි යන්නේ නෑ. අවුරුදු පහකට බලයක් අරන් මුළු ගෑස් සැපයිමේ ඒකාධිකාරය මේ රටට හතුරු රටකට හොර පාරෙන් දෙන එකට අපි කිසිසේත් එකඟ වෙන්නේ නෑ. තව ගිවිසුම් දෙකක් අත්සන් කරන්න එනවා.
අපිට ඕන නෑ මේ ආණ්ඩුව කඩලා දාන්න. අපිට ඕන නෑ විරුද්ධ පක්ෂයේ දේශපාල නන්නත්තාර වෙලා ඉන්න අයට ජිවය දෙන්න. අපිට ඕන ජනවරමට අනුකූලව මේ ආණ්ඩුව අරගෙන යන්න.
ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්තට රිදෙන්න පහර දෙන්න. ඒ වගකිම අපි අතහරින්නේ නෑ. අපි අපේ හඩ ඉදිරියටම කරගෙන යනවා. ඒ වෙනුවෙන් කරන්න තියෙන ඕනෑම කැපකිරීමකට ලෑස්ති පිට තමයි මහජන මන්ත්‍රණ සභාව ආරම්භ කළේ. ඉතිරි ගිවිසුම් දෙක අත්සන් නොකිරීමට කටයුතු කළ යුතුයි. එය නතර කිරීම සඳහා අපි ආණ්ඩුව ඇතුළේ සිට හෝ ආණ්ඩුවෙන් එළියට වැටුණත් අපි යුතුකම ඉටුකරනවා.
අපේ ආණ්ඩුව වැරැද්දක් කරන කොට සද්ධ නැතිව ඉන්න ඕනද? වැරැද්ද කවුරු කළත් වැරැද්ද. අපි ගැන තිබ්බේ නිර්මල විශ්වාසයක්. එහෙම එකක් වෙයි කියලා කවුරුත් හිතුවේ නැ. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නේ අද්භූත කැබිනට් පත්‍රිකාවලින් මේ වගේ දේවල් තීන්දු වෙන්න නෙමෙයි.”
popular news
Demuni Uduwara Friday, 29 October 2021 03:08 PM
Why did not you ask from Basil or Gota in regard to this pact later, in the Cabinet meeting?
Reply : 0 1
Demuni Uduwara Friday, 29 October 2021 10:18 PM
If WW's clear-cut accusations are factual, Finance Minister should quit. Simultaneously, Cabinet Chief- President is accountable!
Reply : 0 6
K. Ranaweera Saturday, 30 October 2021 04:26 AM
This is another gimmick to hoodwink the people. Now this ploy is obsolete and out dated so people of this country are well aware of your preplanned cunning plans.
Reply : 0 20
Francis Kumarasiri Saturday, 30 October 2021 04:35 AM
You Know there are very expensive palaces in islands belongs to USA (REAL ESTATE). See the travel channel of TV. Then we need some money from commissions , that's why.
Reply : 0 0
Nandana Saturday, 30 October 2021 08:02 AM
You can play drama for idiot people , not to others, 6.9 mil of baiiyo will believe what you saying.,better for marketing manager,., for next election Better " stay home Stay safe "
Reply : 0 0
L,G,P,Jathunarachchi. Saturday, 30 October 2021 04:05 PM
Our Minister fights with bird feather !!!
Reply : 0 30
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd