ඉදිරි ජනාධිපතිරවණයට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නාමයෝජනා දීම ඇතුළු සියළු කටයුතු කරදීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වු ජනක රත්නායක මහතාගෙන් රුපියල් කෝටි 03ක අල්ලසක් ඉල්ලා ලබාගනිද්දී අත්අඩංගුවට ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 08 දෙනාගෙන් එම පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා සෙසු සැකකරුවන් 06 දෙනා ඇප මත මුදාහැරීමට අද (15) කියම කළේය.
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ නිත්‍ය ලේකම්වරයා ඇතුළු කුත්යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් 06 දෙනෙකු රුපියල් ලක්ෂ 20 බැගින් වටිනා ඇපකරුවන්ගේ බැඳුම්කර මත සැකකරුවන් මුදා හැරීමට නියම කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මාතර හක්මන පදිංචි පක්ෂයේ සභාපති හේවා වලිමුණිගේ නිහාල් ප්‍රේම කුමාර, මාතර හක්මන දෙනගම පදිංචි පක්ෂයේ ලේකම් රුවන්තිලක පේදුරුආරච්චි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණී.
සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මෙලෙස ඇප නියම කරන ලද්දේ පක්ෂයේ නිත්‍ය ලේකම්වරයා වු සීදුවේ පදිංචි මාර්ටින් සරච්චන්ද්‍ර වීරවර්ධන, කුත්යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් වන හක්මන රංගන කුමාර පියදර්ශන, ගල්නෑවේ චන්දන සුගත් නිශාන්ත, ඔහුගේ බිරිඳ වන කපුරු බණ්ඩාගේ නිල්මිණී පුෂ්ප කුමාරි, හක්මන නිලුෂි සේනානායක හා ගම්පොළ සන්ධයා කුමාරී ස්වර්ණලතා නමැත්තන්ය.
සිද්ධියට අදාළව කරන ලද විර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා වශයෙන් ජනක රත්නායක මහතා ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් ඔහුගෙන් ඔහුගෙන් රුපියල් කෝටි 03 ක අල්ලසක් ඉල්ලා ඇතැයි දැනුම් දුන්හ.
සැකකරුවන් එලෙස අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම නිලධාරීන් සැකකරුවන්ගේ පක්ෂයේ රැස්වීම්වලට නිරන්තරයෙන් සහභාගී වූ බව දැනුම් දුන් නිලධාරීහු සැකකරුවන් අල්ලස් ඉල්ලීම නිසා කොමිසමේ නිලධාරරීන් උපාය දූතයින් ලෙස අල්ලස් මුදල් දීමට නියම කරගත් බොරැල්ල වැලිකඩ ප්ලාසා නම් ස්ථානයකදී සැකකරුවන් අල්ලස් ගන්නා අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්හ.
සැකකරුවන් ඉල්ලු රුපියල් කෝටි 03ක මුදල අල්ලස් කොමිසමේ මුදල් යොදවා රුපියල් 5000/- බැගින් නෝට්ටු 6,000ක් මිටි 60 ක් වන ලෙස බැඳ රුපියල් කෝටි 03ක මුදල සකස් කරගත් ජනක රත්නායක මහතාගේ ගණකාධීකාරීවරයා අදාළ මුදල් සැකකරුවන්ට බාරදීමට වැලිකඩ ප්ලාසා සංකීර්ණයට ගිය බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් උපාය දුතයින් වශයෙන් සිටියදී 1 සහ 2 සැකකරුවන්ට අදාළ අල්ලස් මදල ලබා දුන් බවත් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.
සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශන හා සාක්කිකරුවන් කිහිපදෙනෙකුගේ ප්‍රකාශ ගැනීමට අවශ්‍ය වී ඇතැයිද සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නැතැයිද දැනුම් දුන් නිලධාරීහු සැකකරුවන් ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා සිටියහ.