තහනම් කළ ජමාතේ මිල්ලතේ ඊබ්රහිම් සංවිධානයට සම්බන්ධ ක්රියාකාරී සාමජිකයන් තිදෙනෙක් රාජ්ය බුද්ධි සේවයට ලැබුණ තොරතුරක් අනුව අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සහරාන් සමග නුවරඑළියේ පුහුණුව ලැබූ මොහිදින් බාවා මොහොමඩ් රැම් හෙවත් අබු අක්රාන් (කඳුරුවෙල), මොහොමඩ් රියාල් මොහොමඩ් සජිඩ් හෙවත් අබු සල්මාන් (මාවනැල්ල/නුවරඑළිය පුහුණුව ලැබූ), මොහොමඩ් රම්සින් රුෂ් දි අහමඩ් හෙවත් අබු අල්වකාර් (වරකාපොල/හම්බන්තොට පුහුණුව ලැබූ) යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.