ඇමෙරිකාවේ විවිධසාද, උත්සව හා සමාජ එකතුවීම් සංවිධානය කරන "International club of DC" විසින් වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී ඇමෙරිකානුවන් රැසක් වෙනුවෙන් සංවිධානය කළ සැදෑවකින් ශ්‍රී ලංකාවට විශාල සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක් ලැබී තිබේ.
එහිදී අදහස් පළ කළ තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ගස්වැල් මල් වලින් හා පිරිසිදු වාතයෙන් යුතු සමශීතෝෂ්ණ පරිසරය හා සෞඛ්‍ය සම්පන්න ප්‍රනීත ආහාර පාන භුක්ති විදීමට ඇමෙරිකානුවන්ට ශ්‍රී ලංකාවේ සංචාරයට හා අපගේ දක්ෂ ශ්‍රම බලකායෙන් ප්‍රයෝජන ගනිමින් ආයෝජන ගෙනෙන ලෙස ද ආරාධනා කළේය.
"ශ්‍රී ලංකාවට අදාළ මේ පණිවිඩය ඔබේ සෙසු ඇමෙරිකානු ඥාතීන් හා මිතුරන් අතරටත් යවන්න. ඇමෙරිකාවට ඇත්තේ වසර 246ක ඉතිහාසයක් වුණත් ලංකාවට වසර 2500ක පෞඩ අතීතයක් තියෙනවා. පෘතුගීසීන් නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍ය අපේ රට වසර 450ක් යටත් කරගෙන පාළනය කලා.ඒ කාලය තුළ අපේ බෞද්ධ භික්ෂූන් හා ජනතාව රටේ දේපොළ මෙන්ම අපේ සංස්කෘතිය හා උරුමයන් රැකගත්තා. ඒ පෞඩ ඉතිහාසයේ නටබුන් ලංකාවට පැමිණ නරඔන්න" තානාපති මහින්ද සමරසිංහ මහතා ආරාධනා කළේය.