ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්රී ලංකා රුපියල දිගින් දිගටම අවප්රමාණය වීම හේතුවෙන් සියලුම වර්ගවල පෙට්රල් මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර තිබේ.
මේ අනුව රුපියල් 254ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 303 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 333/-ක් වෙයි.
ලංකා ඉන්දීය තෙල් සමාගම මෙවර තෙල් මිල ඉහළ දැමුවේ මේ මාසයේ දෙවැනි අවස්ථාවටයි. කෙසේ වෙතත් ඔවුන්ගේ ඩීසල් මිලේ වෙනසක් නොමැත.