ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන සාකච්ඡා කර අවසන් කරන තෙක් ශ්‍රී ලංකාවට සම්බන්ධිත මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පැවැසීය.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර පැවැති සාකච්ඡාවේදී මිලින්ද මොරගොඩ මහතා මේ බව සඳහන් කර තිබේ.
අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන මිල දී ගැනීම සඳහා ණය මෙන්ම ගෙවුම් ශේෂ ආධාරක වශයෙන් ඉන්දියාව විසින් සපයනු ලබන ආධාර වැඩි කිරීමේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව අමාත්‍යවරිය සහ මහ කොමසාරිස්වරයා අතර පැවැති කතාබහ අතර තුර කරුණු අධ්‍යයනය කර ඇත.
දෙරට අතර ආර්ථික සංවාදය අඛණ්ඩව පැවැත්වාගෙන යෑම සඳහා නිල මට්ටමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කර පවත්වා ගැනීම වැදගත් බව ද සාකච්ඡා වූ අතර එයට එක`ගතාව පළ විය.
ඉකුත් අප්‍රේල් මස මැද දෙපාර්ශවයේ සහයෝගීතාවය ගැන කරන ලද සාකච්ඡා වටයෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය කාර්යාලයේ දී පැවැති මෙම හමුවීමේ දී දැනට පවතින සහයෝගීතාවයේ තත්ත්වය ඇගයීමට සහ ඉදිරි මාවත ගැන වැඩිදුරටත් අදහස් හුවමාරු කරගෙන ඇත. කර ඇත.
බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් පසුගිය අප්‍රේල් මාසයේදී වොෂින්ටන් හි පැවති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැසිවාරයට සහභාගී වූ අතර එහි දී ඉන්දීය මුදල් අමාත්‍ය සීතා රාමන් මහත්මිය එහි රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මහ කොමසාරිස්වරයා මෙහි දී විශේෂයෙන් අගය කළේය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන සඳහා ණය වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය සහ ගෙවුම් ශේෂ හි`ගය සම්බන්ධව ලැඛෙන සහාය ගැන ද මහ කොමසාරිස් මොරගොඩ මහතා අමාත්‍ය සීතාරාමන් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ස්තූතිය පුද කර තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ස්වභාවය පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මෙහි දී අමාත්‍ය සීතාරාමන් මහත්මිය වෙත දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති බව දැක්වේ.
නිලධාරී මට්ටමේ සාකච්ඡාවලදී ඉන්දීය නායකත්වය ස`දහා පත්කර ඇති එරට ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය අනන්තා නාගේෂ්වරන් සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට සහභාගි වූහ.