ශ්‍රී ලංකාව තුළ කංසා වගාව ප්‍රවර්ධනය කිරිමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පවසයි.
ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඇය සඳහන් කළේ දෙදහස් විසිපහ වන විට මෙහ වෙළඳපොළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10.5ක් බවට පත්වෙනු ඇති බවයි.
"අද අපේ රටේ වාණිජ භෝගයක් නෑ. අපිට තේ, පොල්, රබර් තිබුණා කාලයක්. දැන් පොල් පිටරටින් ගෙන්වනවා. පොල්, රබර්, ඉඩම් කට්ටිකරලා විකුණනවා. අපිට තිබුණ තේ ටික ඒ කාලේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඒක මාකට් කළ.
දැන් චීනය හා කෙන්නියාව කියන රටවල් වල තේ වගා2 කරනවා. ඒ අය ඒවා පිටරටවල් වලට යවනවා. අපිට වාණිජ භෝගයක් නැ. නමුත් ස්වාභාවධර්මයෙන් වාණිජ භෝගයක් දීලා තියෙනවා. ඒ තමයි කංසා වගාව. අපි රජයේ අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කරමු.
අපි ඒක වගා කළ යුතුයි. අද ලෝකයේ වෙනත් රටවල් කංසා අපනයනයෙන් විශාල ආදායමක් ලබනවා. යුරෝපා ආයෝජන බැංකුවට අනුව ගෝලිය කංසා වෙළඳපොළ සියයට දහසකින් ඉහළ යනවා.
2027දි මෙම වෙළඳපොළ ඩොලර් බිලියන 140ක් බවත් පුරෝකතනය කර තිබෙනවා. 2025 වන විට 8.6ත් 10.5ත් අතර වෙන බවට ගණනය කර තිබෙනවා.
අපි අයි.එම්.එෆ්. යන්න ඕන නැ. මේ භෝගය වගා කරලා විදේශ විනිමය සපයා ගන්න පුළුවන්.
කංසා ඖෂධ සඳහා වගා කරන්න අනුමැතිය දීලා තියෙනවා. මේකෙන් අපිට ව්‍යවසායකයන් දහස් ගණනක් බිහි කරන්න පුළුවන්. "
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_67770a8945.jpg)