ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම්දීම එළඹෙන මාර්තු මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇති බවජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට දැන් තිබෙන්නේ, ආර්ථිකය ස්ථායීකරණය කිරීමේ අදියරක බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
එම ක්‍රියාවලිය ඉදිරියටයාම සඳහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජය තුළ නව ආකල්පද අවශ්‍ය බවද කොළඹදීඊයේ (15දා) පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.