ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟත්වය පිළිබඳව නිසැකවම පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බවත්, කෙසේ වෙතත් එහි අඩුංගු කරුණු පිළිබඳ චීනය, ඉන්දියාව වැනි රටවල් සමග සාකච්ඡා කරන අතර, ඇතැම් සංශෝධන සිදුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (10දා) සිදු කළ විශේෂ ප්‍රකාශය අතරතුර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡා දෙසැම්බර් මාසය වන විට අවසන් කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඉන් පසු ඍජුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා හැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ - මට අවස්ථාව ලැබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂකව මුණගැසෙන්න. එතුමිය සමග සාකච්ඡා කළා. අපිට සහයෝගය දෙනවා කියලා කිව්වා. කිසිදු බයක් තියාගන්න එපා අපිට දැන් තිබෙන්නේ ඉන්දියාවයි, චීනයයි සමග සාකච්ඡා කරලා අවසන් කරන්න. චීනය අපිට කිව්වේ පක්ෂ සම්මේලනයෙන් පස්සේ ආරම්භ කරන්න කියලා. ඒක ආරම්භ කරලා තිබෙනවා. අපි දෙසැම්බර් මාසය වන විට බලමු මේක අවසන් කරන්න. ලෝක බැංකුවේ සභාපතිතුමාත් මුණගැසුනා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා මේ කරුණු දන්නේ නැතිනම් විවාදයට එන්නේ නෑ කියලා. අපිට විරුද්ද වෙන්නේ නැතිනම් අපිට ලේසියෙන්ම සම්මත කරන්න පුලුවන්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - අයවැයට කලින් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග අත්සන් කරපු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ - අපි මේ සාකච්ඡා අවසන් කළාම අපිට යන්න තිබෙන්නේ අයි.එම්.එෆ් එකට විතරයි. ඒත් මේක අරන් මේ අවස්ථාවේ රටවල් සමග කතා කරන්න ඕනී. එතනත් සංශෝධන වෙන්න පුලුවන්. ඊට පස්සේ මම කියන්නම්. ප්‍රමාදය වැඩි වෙන්නේ නෑ. අපිට ඉලක්ක දීලා තිබෙනවා. ඒවා වෙනස් වෙන්නේ නෑ. අපිට අවුරැදු 4ක වැඩසටහනක් තිබෙනවා. අයවැය ඉදිරිපත් කරන්නේ මේ වැඩපිළිවෙල වේගවත් කර ගන්න. අපි නිසැකවම ඔබතුමන්ලට දැනුම්වත් කරනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - අයවැයට කලින් මේ එකඟතාවය ඉදිරිපත් කරනවා නම් හොඳයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මේ සාකච්ඡා ඉවර වෙන්න කලින් ඉදිරිපත් කරන්න බෑ කියලා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ - මේ තාක් වෙනසක් නෑ. අපි ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්නම්. අවශ්‍යමනම් හර්ෂගෙන් අහන්න. හර්ෂ ඒ අය සමග සාකච්ඡා කරලා තියෙන්නේ.