ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) අතර විස්තීරණ ණය පහසුකමක් වෙනුවෙන් මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය පවසයි.
මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3 ණය පහසුකමක් ඉල්ලා තිබේ.
කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් සාමාන්‍යයෙන් IMF කළමනාකාරිත්වයේ සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන අතර ඉන් පසුව ලබන්නන් හට අරමුදල් සඳහා ප්‍රවේශය ලැබේ.