HS ඛේත 369ක භාණ්ඩ ආනයන කිරීමට පනවා තිබූ බාධා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අදාල භාණ්ඩ ජුනි 01 දා සිට ආනයනය කිරීමට අවසර ලැබෙන නමුත් ඒ වෙනුවෙන් පනවා ඇති බදු, රෙගුලාසි හා රීති තවදුරටත් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ වෙනුවෙන් වූ අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් භාණඩ ආනයනය කිරීමේදි එවා වල අවශ්‍යතාව පිළිබඳව සලකා බලමින් රට තුළ පවතින සීමිත විදේශ විනිමය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ලෙසද මුදල් අමාත්‍යාංශය පවසයි.