ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ලෙස කටයුතු කරන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 13ක් ආණ්ඩුවේ සිට ස්වාධීන වෙමින් විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කළේය.
ජී.එල්. පීරිස් මහතාට අමතරව ඩලස් අලහප්පෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, එස්. කුමාරසිරි, ආචාර්ය ගුණපාල රත්නසේකර, නීතිඥ උදයන කිරිඳිගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු මෙසේ විපක්ෂයට ගොස් අසුන් ගත්හ.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ ඔවුන් ස්වාධීන වන බව පැවැසීය.