එක්සත් ජාතීන්ගේ සංවිධානය, අප්‍රියෙල් 19 (ෂින්හුවා) - කොරෝනා වසංගතය පිටු දැකීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන කාර්ය භාරයට සහාය දක්වමින් ජි 77 කණ්ඩායම හා චීනය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
"නූතන ඉතිහාසයේ බරපතලම මහජන සෞඛ්‍ය අර්බුදයන්ගෙන් එකක් වන COVID-19 වසංගතය වේගයෙන් ව්‍යාප්ත වීම පිළිබඳව ජී 77 සහ චීනය දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිනවා යැයි සඳහන් කරන ඔවුන් පළමුව ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි.
ඒ අනුව මේ සඳහා නායකත්වය ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් අදනොම් ග්‍රේබ්‍රියෙසස් මහතාට පූර්ණ සහාය දක්වන බවත් ඔවුන් සඳහන් කරයි.
ඔවුන් අවධාරණය කරන්නේ වයිරසය සම්බන්ධයෙන් විද්‍යාත්මක මග පෙන්වීම, පුහුණුව, උපකරණ, අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සහ ජීවිතාරක්ෂක සේවාවන් සඳහා දීමට ජාත්‍යන්තර ප්‍රජාව එක්විය යුතු බවයි.
සාමාජික රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය දැක්වීය යුතු බවත් ඔවුන් සඳහන් කරයි.
“රෝගයට එරෙහි සටනේදී ජාත්‍යන්තර සහයෝගීතාව සහ බහුපාර්ශ්වික සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අපි නැවත අවධාරණය කරමු.” යැයි ඒකාබද්ධ නිවේදනයෙ වැඩිදුරටත් සඳහන් වෙයි.