මුහුණ පොත ඔස්සේ සංවිධානය කළ සාදයකට එක්වූ පිරිසක් හා රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ආරවුලකට සම්බන්ධව අදාළ සාදයට පැමිණි පුද්ගලයන් 36ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර සැකකරුවන් 24ක් හා සැකකාරියන් 12ක් සිටින බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත්වූ අවුරුදු 24ක සැකකරුවෙක් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 540ක්, ගංජා ග්‍රෑම් 04ක් සොයාගෙන ඇති අතර අවුරුදු 26ක් වන පුද්ගලයෙක් සන්තකයේ තිබි විෂ මත්පෙති 04ක් සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සෙසු සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව පොලිස් ඇප මත මුදාහළ බවත් පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත් පිරිස අවුරුදු 20-30 අතර පසුවන රත්නපුර, කළුතර, ගල්කිස්ස, කුරුණෑගල, වත්තල, මාතර හා මොණරාගල පදිංචිකරුවෝ වෙති.
අද අලුයමදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.