කොවිඩ්-19 වසංගතය නිසා යුරෝපා කලාපය තුළ ආර්ථිකය යළි පණගැන්වීම වෙනුවෙන් පවුම් බිලියන 680ක අරමුදලක් සඳහා වූ එකඟතාවකට දැඩි හා උද්වේගකර සාකච්ඡාවකින් පසුව කලාපයේ සාමාජික රාජ්‍යයන්ගේ නායකයෝ එලැඹ තිබේ.
නව කොරෝනා වෛරසය සඳහා වූ සෞඛ්යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති මෙම සමුළුව දින 5ක් පුරා ඇදී ගිය අතර, මෙමගින් දැඩි බලපෑමට ලක්වූ යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්හි ව්‍යාපාර නගාසිටුවීම වෙනුවෙන් ප්‍රදාන හා ණය වශයෙන් අරමුදල් සැපයීමට එකඟත්වයකට පැමිණි බව ඔවුන් කියයි.
මෙම සමුළුවේදී යුරෝපා සංගමයේ නායකයන් ඉදිරි වසර 6ක කාලයක් සඳහා වූ යුරෝපා සංගම් අයවැයද අනුමත කරගැනීමට සමත්වී තිබීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම එකඟත්වයන්ට පැමිණීම සඳහා දින කිහිපය තුළ ඉතා දැඩි වාග් විලාශයන් රාජ්‍ය නායකයන් පෙන්වා ඇති අතර, එක් අවස්ථාවක ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සිය මිටමොලවා වාඩිවී සිටි මේසයට දැඩි පහරක්ද එල්ල කර තිබේ.