2019 වසරේදී ශ්රී ලංකාව, ජපානය ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිකරගත් සහයෝගීතා ගිවිසුමට ශ්රී ලංකාව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම පර්යන්තය සම්බන්ධයෙන් රජයේ කැපවීම අවස්ථා කිහිපයදී දැනුම් දී ඇති බවත් රටේ නායකත්වයද ඒ පිළිබඳව දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.
ශ්රී ලංකාවේ කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර විදේශ ආයෝජකයන් සමග මෙය ක්රියාවට නැංවීමට තිරණයක් ගෙන තිබුණ බවත් සියලු පාර්ශ්වයන් දැනට එළඹව ඇති එකඟතා අනුව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.