මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස පත්කර තිබේ.
වසර 39 යුධ හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති ඒ මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි.
වසර 39 ක සේවා කාලය තුළ යුධ ලේකම්, 53 වන සේනාංකාධිපති, ඉංජිනේරු බලකායේ අණදෙන නිළධාරි, කිලිනොච්චි, මුලතිව් සහ බස්නාහිර ආඥාපති, කොළඹ භාර ඒකාබද්ධ ආඥාපති, බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අණදෙන නිළධාරි ඇතුලු තනතුරු රාශියක් හොඹවා ඇති අතර රණවික්‍රම, රණශූර සහ දේශපුත්ර ඇතුලු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇත.
මීතොටමුල්ල අපද්‍රව්‍ය බහාලුම් ස්ථානයේ සිදු වූ ව්‍යසනය, අරනායක සාමසර කන්ද නායයම, කොළඹ, කලුතර, කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පැවති ගංවතුර ආපදාවලදී මෙන්ම කොස්ගම, ශාලාව යුධ හමුදා කදවුරේ අවි ගබඩාව පිපිරීම යනා දී ස්වභාවික සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවු ආපදා කළමනාකරණය කරමින් මිනිස් ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමට නායකත්වය ගෙන ඔහු කටයුතු කර ඇත.