කොළඹ කොටස් හුවමාරුව, කොටසින් සීමිත සමාගමක් බවට පරිවර්තයන කිරිමට කැබිනට අනුමැතිය ලැබි තිබේ.
මේ වන විට ලාභ අරමුණු කරන නොගත්, සාමාජිකයන් විසින් පාලිත සංවිධානයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව ක්‍රියාත්මක වෙයි.
එය ලාභ අරමුණු කරගත්, කොටස් හිමියන්ගේ අයිතියට සතු වූ සමාගමක් බවට පරිවර්තනය කිරීමට මේ යටතේ අවධානය යොමුව ඇත.
මේ වන විට ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වන කොටස් හුවමාරුව කොටසින් සිමිත සමාගමක් බවට පත්කර කර එහි නෛතික ත්ත්තවය වෙනස් කිරීමට පනත් කෙටුම්පතක්ද සකස් කර තිබේ.
එම පනත් කෙටුම්පතේ තවදුරටත් සිදුකළ යුතු යැයි හඳුනානෙ ඇති කොටස් හුවමාරුවේ කොටස් බේදී යාමේ අනුපාතය ඇතුළත් කරමින් සංශෝධනය කිරිම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.