ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් කොටසක් මිලට ගැනීමට ඉන්දීය තෙල් සමාගම එකඟව ඇති බවත් ඒ් සඳහා එම සමාගමට ස්තූතිය ප්රකාශ කරන බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
ඊයේ කොළඹදී පැවැති වැඩසටහනකදි ඔහු මේ බව පැවැසීය. "වඩා හොඳ ඉන්ධන සැපයුමක් බලාපොරොත්තු වන ඔබ බොහෝ දෙනෙකුට මෙය හොඳ සලකුණක් වේවි. නමුත් මේ සියල්ල ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර සමීප ආර්ථික සහයෝගීතාවක් ඇති කිරීම සඳහා අඩිතාලම දමනවා. මෙහි නව ආයෝජන ඇති වේවි. "