කොවිඩ් 19 වසංගතයේ වේගවත් ව්‍යාප්තිය අනුව මධ්‍ය පළාත තුළද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව මධ්‍යම පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 5/17 දා සිට 6/14 දා තෙක් අත්හිටුවා තිබේ.
කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නව ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී දඩ මුදලක් අය නොකරන බවද මධ්‍ය පළාත් සභාව දන්වයි.