“COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
අරමුදල පිහිටුවීමෙන් ජනාධිපතිතුමා අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කමිටුවේ සභාපති ධූරය හොබවයි.
ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රවින්ද්‍ර ජේ. විමලවීර මහතා ලේකම් ධූරය හොබවන අතර මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය පාරිපාලන ලේකම් එස්. හෙට්ටිආරච්චි, සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන, වැඩබලන පොලිස්පත් සී.ඩී. වික්‍රමරත්න, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා රේගුව අධ්යක්ෂ ජනරාල් (මේජර් ජනරාල් )ජී. විජිත රවිප්‍රිය, ලංකා සතොස සභාපති නුෂාඩ් එම්. පෙරේරා, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්රීයාන් ද සිල්වා විජයරත්න, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් පී.ඩී. ඉන්දිකා එල්. විජේගුණවර්ධන, ජනාධිපති කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් (නීති) නීතිඥ හරිගුප්තා රෝහණධීර, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර, ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඩබ්.පී. රසෙල් ෆොන්සේකා, හිටපු විගණකාධිපති එස්. ස්වර්ණජෝති,කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ ජේ.එම්.එස්.ජී. ජයසුන්දර යන මහත්ම මහත්මීහූ සෙසු සාමාජිකයෝ වෙති.
කොරෝනාමර්දනයටඅවශ්යඖෂධ,වෛද්යපරීක්ෂණඋපකරණහාධාරිතාවර්ධනයඇතුළුසෞඛ්යආරක්ෂණපහසුකම් සැලසීම සඳහා අවශ්‍ය හදිසි මූල්‍ය අවශ්‍යතා සැලසීම
සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවකයන්ගේ සහ අත්‍යාවශ්‍යය මහජන සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා මුදල් සම්පාදනය
ළමයින්, කාන්තාවන්, අඩු ආදායම්ලාභීන්, වැඩිහිටියන්, ආබාධිතයන් හා අවදානමට ලක් විය හැකි පුද්ගලයන් වෙනුවෙන් මූලික අවශ්‍යතා සැපයීම
බෝවන රෝග අවදානම අඩු කිරීමට මහජන සෞඛ්‍ය පද්ධතිය, ග්‍රාමීය සහ දුරස්ථ බෙහෙත් ශාලා, පරීක්ෂණ සහ ප්‍රතිකර්ම මධ්‍යස්ථාන හා සෞඛ්‍ය සේවා පද්ධති ඒකාබද්ධ කිරීමට අවශ්‍ය අරමුදල් ලබාදීම
දේශීය අමුද්‍රව්‍ය, සම්පත්, දැනුම හා කුසලතා භාවිතයෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක නිෂ්පාදන නවෝත්පාදනයට සහ දේශීය වෛද්‍ය අංශයවලට සහාය වීම.
මෙරට වෛද්‍ය හා විද්‍යාත්මක දැනුම සහ අත්දැකීම් භාවිතයෙන් වැඩිදියුණු කරන ලද ආරක්ෂිත ඇඳුම් සහ සනීපාරක්ෂක නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළ වෙත සැපයීම ප්‍රවර්ධනය
මාධ්‍ය සහ අධ්‍යාපන වැඩසටහන් තුළින් කාබනික ආහාර පරිභෝජනය සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් සාම්ප්‍රදායික වටිනාකම් සඳහා ජීවන රටාවන් ප්‍රවර්ධනය
WHO, UNICEF, UNDP,WB,ADBසහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කාර ප්‍රජාව හා නියෝජිත ආයතන සමග අරමුදල් රැස් කිරීම සම්බන්ධීකරණය යන අරමුණු සපුරා ගැනීම අරමුදලට පැවරී ඇති කාර්යයන් වේ.