චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියේචි මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවලදී දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳවද අදහස් හුවමාරු වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
COVID-19 න් පසු තවත් චීන සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට ධෛර්යමත් කරන ලෙස ශ්‍රී ලංකා පාර්ශවයෙන් කරන ලද ඉල්ලීම මත චීන ජ්‍යෙෂ්ඨ නිලධාරියා දෙරට අතර සංචාරක සහයෝගීතාවයට ඉහළ වැදගත්කමක් ලබා දෙන බවට සහතික වූ බවද තානාපති කාර්යාලය පවසයි.
එය ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන කරුණක් බව චීනය වටහාගෙන ඇති බවත් මෙම ඉල්ලීම බැරෑරුම් ලෙස සලකා බලන බවත් යැං මහතා අවධාරණය කර තිබේ.
COVID-19 මධ්‍යයේ, දෙරට අතර අන්තර්ජාතික සංචාර නැවත ආරම්භ කිරීමට පෙර නිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඇති බව සහතික කළ යුතු බවත් සංචාරක බලධාරීන් සහ ක්‍රියාකරුවන් ද්වි පාර්ශ්විකව හෝ කලාපීය වශයෙන් සංචාරක බුබුල සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩිදුර සාකච්ඡා කළ හැකි බවත් තානාපති කාර්යාලය පවසයි.
චීනය සහ ශ්‍රී ලංකාව වසංගතය සාර්ථකව පාලනය කර ඇති බව සලකන විට, චීනයෙන් පිටතට යන ගමන් නැවත ආරම්භ කිරීමෙන් පසු චීන සංචාරකයින් සඳහා ගමනාන්තයන් අතර පළමු ස්ථානය බවට පත්වීමට ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් ඇති බවත් චීනයෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව විශාල විභවයක් ඇති බවත් තානාපති කාර්යාලය පවසයි.
2018 දී චීන සංචාරකයින් 260,000 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 2019 දී 167,000 ක් දක්වා අඩු වී ඇත්තේ පාස්කු ප්‍රහාරය හේතුවෙනි.