ශ්‍රී ලංකා රජයට අධි තාක්ෂණ වීඩියෝ සම්මන්ත්රණ පද්ධති කට්ටල 5 ක් සහ අධි නිරවද්‍ය තාප කැමරා 6 ක් පරිත්‍යාග කිරීමට හුවාවේ ශ්‍රී ලංකා ආයතනය කටයුතු කළේය.
පුද්ගලික සම්බන්ධතා අවම කිරීමෙන් අඩු අවදානමක් සහිතව සන්නිවේදනය කිරීමට වීඩියෝ සම්මන්ත්රණ පද්ධති රජයට උපකාරී වනු ඇත. ඉහළ නිරවද්‍යතා ප්‍රමිතියක් මත ඇති විය හැකි අවදානම් වේගයෙන් සොයා ගැනීමට උපකාරී වන පරිදි ඉහළ නිරවද්‍ය තාප කැමරාවන් ප්‍රධාන ස්ථාන වෙත යෙදවීමට නියමිතය.
මෙම තාක්ෂණික උපකරණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සමාගම පිරිනැමීය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ
“මෙම අභියෝගාත්මක කාලය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශ ඔවුන්ගේ කොවිඩ් සටනට දායකත්වය දැක්වීම පිළිබඳව මම සතුටු වෙනවා.
නවීන තාක්ෂණික විසඳුම් නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපට හැකිවේවි. මේ පිළිබඳව උපකාර කිරීමට හුවාවේ දැක්වූ සහයෝගය අපි අගය කරමු.”
හුවොවේ වැනි සමාගම්වලට ශ්‍රී ලංකාව හා එක්ව අපේ රටේ ඩිජිටල් පරිවර්තනය අඛණ්ඩව ඉහළ නැංවීමටත්, අපේ ජනතාවගේ සමෘද්ධිය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතය වැඩිදියුණු කිරීමටත් හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”