G7 රටවල රාජ්‍ය නාකයන් විසින් කොවිඩ්-19 සඳහා සහයෝගීතාව තීව්ර කිරීම සඳහා COVAX එන්නත් බෙදාහැරීමේ වැඩසටහනට සිය දායකත්වය වැඩි කිරීමට ප්‍රතිඥා දී තිබේ.
සිකුරාදා පැවති G7 රටවල රාජ්‍ය නාකයන්ගේ අතථ්‍ය සමුළුවකින් පසුව නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක G7 නායකයින් විසින් මෙම වැඩසටහන සඳහා සිය සමස්ත කැපවීම ඩොලර් බිලියන 7.5ක් දක්වා ඉහළ නැංවීය.
අඩු ආදායම්ලාභී ජාතීන්ට එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබාදීම සඳහා ක්‍රියා නොකරන බවට ධනවත් රටවල් පසුගිය කාලය පුරාවට දැඩි චෝදනාවට ලක්ව සිටියේය.
ඒ අනුව එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් මෙම අරමුදලට ඇ.ඩො.බිලියන 4ක ආධාර ලබා දීමට පොරොන්දු වී තිබේ. ආරම්භක ඇ.ඩො.බිලියන 2ක් 2021 දී පරිත්‍යාග කෙරෙන බවත්, ඉදිරි වසර දෙක තුළ අතිරේක ඇ.ඩො.බිලියන 2ක් ලබාදෙන බවත් ඔහු කියා තිබේ.
ජර්මනිය අතිරේක ඩොලර් බිලියන 1.2ක් ලබාදෙන බව චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පැවසීය.
"ලෝකයේ සියලුම මිනිසුන්ට එන්නත ලබා දෙන තුරු වසංගතය අවසන් නොවන බව මේ සඳහා ජර්මනියේ මැදිහත්වීමෙන් මා අවධාරණය කරනවා." යැයි මාකෙල් පැවසීය.
යුරෝපා සංගමයද සිකුරාදා සිය කැපවීම ඉහළ නංවන බව කියා සිටියේය.
ඉදිරි මාසවලදී ලොව පුරා අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා අවම වශයෙන් බිලියන 1.3ක එන්නත් මාත්‍රාවක් ලබා ගැනීම COVAX වැඩසටහනේ අරමුණයි.
COVAX සම-නායකත්වය දරන්නේ Gavi හෙවත් එන්නත සන්ධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ වසංගත සූදානම් නවෝත්පාදන සඳහා සන්ධානය (CEPI) යි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ප්‍රකාශ කළේ ලෝක නායකයන්ගේ නව කැපවීම් පිළිබඳව තමා කෘතඥ වන නමුත්, ලෝකයේ එන්නත් කිරීමේ අසමතුලිතතාවයට පිළියම් යෙදීම සඳහා තවත් බොහෝ දේ අවශ්‍ය බවයි.