ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ හවුල්කරුවන් පැවසුවේ ලොව පුරා කොවිඩ්-19 එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීම සඳහා නිර්මාණය කරන ලද COVAX පහසුකම ලබන වසරේ මුලදී එන්නත් මාත්‍රාවන් බෙදා හැරීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
ඒජන්සිය නිවේදනය කළේ පොරොන්දු වූ එන්නත් අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ මාත්‍රා බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති බවය. එමෙන්ම, COVAX ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "සහභාගී වන සියලුම ආර්ථිකයන්ට 2021 මුල් භාගයේදී එන්නත් මාත්රාවලට ප්‍රවේශය ලබා ගත හැකි වනු ඇති අතර, පළමු බෙදාහැරීම් 2021 පළමු කාර්තුවේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා." යනුවෙනි.
අඩු සහ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයන් 92ක් ඇතුළුව සහභාගී වන ආර්ථිකයන් 190ක් මෙම COVAX එන්නත් පහසුකමට සුදුසුකම් ලබනු ඇත.
මෙම කාල රාමුව තුළ මාත්‍රාවන් ඉල්ලා ඇති සහභාගී වන සියලුම රාජ්‍යයන් සඳහා ලබන වසරේ පළමු මාත්‍රාවන් ලබාදෙන බව COVAX සඳහන් කළේය.
"සියලුම බෙදාහැරීම්, එන්නත් නියාමන අනුමත කිරීම් සහ අදාළ රටෙහි සූදානම වැනි සාධක කිහිපයක් මත අඛණ්ඩව රඳා පවතිනු ඇති" යනුවෙන් WHO හි COVAX වැඩසටහන වැඩිදුරටත් කීය.
"එන්නත් පැමිණීම අප සැමට උමග අවසානයේ දී ආලෝකය දකිනවා වගේ දෙයක්" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසීය. "නමුත් අපි වසංගතය සැබවින්ම අවසන් කරන්නේ සෑම තැනකම එකම වේලාවක එය අවසන් කළහොත් පමණයි. එයින් අදහස් කරන්නේ සමහර රටවල සිටින සියලුම පුද්ගලයින්ට වඩා සෑම රටකම සිටින පුද්ගලයින්ට එන්නත ලබා දීම අත්‍යවශ්‍ය බවයි."