ප්‍රධාන වශයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් යුතු COVAX පහසුකම හරහා කොරෝනා වෛරස ආරක්ෂණ එන්නත් ලබාගත් පළමු වැනි රට බවට ඝානාව පත්ව තිබේ.
ඉතිහාසයේ විශාලතම එන්නත සැපයීම, ප්‍රසම්පාදනය සහ බෙදාහැරීමේ ප්රයත්නය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ යුනිසෙෆ් සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා 600,000ක් මිලදී ගෙන බෙදා හරින ලදී.
එහිදී සීත ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි විශේෂ ගුවන් යානයක් යොදා ගනිමින් මෙම එන්නත් තොගය ඝානාවට රැගෙන ඒමට හැකිවූ බව ඝානාවේ සිටින යුනිසෙෆ් නියෝජිතයන් කියා සිටියේය.