කොළඹ නගර සභාවේ සේවය කරන සේවිකාවකගේ මවට කොරෝනා ආසාදනය විම හේතුවෙන් කොළම නගර සභාවේ සේවකයන් 250කට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
සේවිකාව පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර ඇයගේ වාර්තා තවම ලැබී නොමැත. මව මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආසාදන පොකුරට සම්බන්ධය.
නගර සභාවේ එක් එක් දෙපාර්තමේන්තුවක 30 දෙනා බැගින් අහඹු ලෙස තෝරාගෙන මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.