එක්සත් ජනපදයේ B-52 ස්ට්රැටෝෆෝර්ට්රෙස් බෝම්බ හෙළන යානා උතුරු ඇෆ්ගනිස්ථානයේ ජව්ස්ජාන් පළාතේ අගනුවර වන ෂෙබර්ගන්හි සිටින තලේබාන් සටන්කරුවන් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ෆවාඩ් අමාන් අද (07දා) මෙය තහවුරු කළ අතර, නිරිත දිග නිම්රුස් පළාත සහ උතුරු පළාතේ ජව්ස්ජාන් අල්ලා ගත් බව තලේබාන් සංවිධානය නිවේදනය කර පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදා එරටින් ඉවත්වීමත් සමග තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ යළි බලය අල්ලා ගැනීම සඳහා සටන් දියත් කර ඇති අතර, ඔවුන් මේ වනවිට ප්‍රදේශ රැසක් සිය පාලනයට නතු කරගෙන ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.