ගෘහස්ත නිරෝධානයට ලක්වීම තවදුරටත් ක්‍රියාත්මක බවත් මේ වන විට පුද්ගලයන් 95000කට අධික ප්‍රමාණයක් ගෘහස්ත නිරෝධානයට ලක්කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ප්‍රමාණය පවුල් 35000කට අයත් බවත් වැඩිම පිරිසක් ගෘහස්ත නිරෝධායනයට ලක්කර තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ගම්පහ නිරෝධායනයට ලක්කර ඇති සංඛ්‍යාව 14000කට අධික බවත් නිරෝධායනට යොමුකළ අය නිරෝධායන නීති අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.