ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුමේදී සිදුවූවා යැයි පැවැසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ඇමෙරිකානු සෙනට් මණ්ඩල සභිකයෙක් විසින් නැවත වරක් ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති රොබට් මෙනෙන්ඩෙස් ඊයේ (19දා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව ගෙන එන ඕනෑම යෝජනාවක් සඳහා තමන් සහාය දක්වන බවයි.