ගිනිගත්හේන පඹහේන පදිංචි පාසල් සිසුවෙක් තම නිවසේ ඔහුගේ කාමරය තුළ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසිය.
මෙසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ 9 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ ඔහුගේ කාමරය තුළ (13දා) උදැසන 11.30 ට පමණ මෙසේ සියිදිවි හානිකර ගෙන ඇති බව සිද්ධිය පිළිබඳ පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය පවසයි.
මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මිය ගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.