නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (20දා) විවෘත කෙරෙන අතර,ඒ අනුව අද පස්වරු 3.00 ට නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම උත්සවය ඉතා චාම්, එහෙත් ගාම්භීර ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කටයුතු යොදා තිබේ.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය මෙලෙස විවෘත කිරීමට ප්රථමඅද පෙරවරු 9.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම ආරම්භ වේ. ඒ අනුව එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 01ට අනුකූලව කාථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවේ. අනතුරුව නව කථානායකවරයා ඉදිරියේ සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම්දීම සිදු කරති. නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කර ගැනීම ඉන් අනතුරුව සිදුවනු ඇත.
මෙහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන කවර හෝ එක් භාෂාවකින් දිවුරුම හෝ ප්‍රතිඥාව ලබාදීමට මන්ත්‍රීවරුන්ට හැකියාව පවතින අතර, භාෂාත්‍රයෙන්ම පිළියෙල කරන ලද ඊට අදාළ ලේඛන සභා මේසය මත තැබීමට කටයුතු කෙරේ.අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව පස්වරු3.00 දක්වා කල්තබනු ඇත.
ඒ අනුව අද පස්වරු 02.15ට පාර්ලිමේන්තුව වෙත ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වන අතර, එහිදී ප්රථමයෙන්පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිතය. අනතුරුව නව කථානායකවරයාගේ පැමිණීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වනුයේ ඉන් අනතුරුවය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට ඒ මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු නිලධාරීන් කටයුතු යොදා ඇති අතර, ඒ අනුව පළමු පාර්ලිමේන්තු සැසිවාරයකදී ජනාධිපතිවරයා පිළිගැනීමට පැවැත්වෙන හමුදා උත්තමාචාර, ආචාර වෙඩිමුර සහ අශ්වාරෝහක පෙළපාළිමෙවර නොපැවැත්වනු ඇත. ඒ වෙනුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත අචාර දැක්වීමක් සිදු කිරීමට නියමිතය.
එහිදී නව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී ජනාධිපතිවරයා පිළිගැනීම සිදු කෙරෙන අතර,ජනාධිපති ධජය උඩුකුඹු කිරීම ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතය.
අනතුරුව වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ලබයි.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කරනු ලැබේ.
ඒ අනුව අද පස්වරු3.00ට ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලසනු ලැබ ඇති පරිදි නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපිතවරයා විසින් සිදු කරනු ඇත.
09 වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙරවරු 9.30 ට රැස්වන බව නිවේදනය කරන අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගියදා (13දා)නිකුත් කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලදී.