විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා වූ තම සංවිධානයේ කැපවීම කොවිඩ්-19 වසංගතය හමුවේ සනාථ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් 73 වන ලෝක සෞඛ්‍ය සමුළුව (WHA) අමතමින් පැවසීය.
දින දෙකක් පුරා පැවති 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළු සැසිවාරය මෙවර ජාලගතව පැවති අතර, එය නිමාව දුටු ඊයේ (19දා) දිනයේදී සමුළුව අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
"ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය දැන් යොමුව ඇත්තේ අප සතුව ඇති සෑම මෙවලමක්ම යොදාගෙන වසංගතයට එරෙහිව සටන් කිරීමයි." යනුවෙන් පවසා සිටියේය.
ගෝලීය වසංගතයට ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන ප්‍රතිචාරය පිළිබඳව අදහස් දක්වමින්, "වසංගතය පිළිබඳ ස්වාධීන ඇගයීමක් ආරම්භ කරනවා" යැයි පැවසීය.
"සෑම විටම මෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා පූර්ණ ලෙස කැපවී සිටිනවා. ඕනෑම කෙනෙකුට වඩා අපට වගවීම අවශ්‍යයි" ඔහු වැඩිදුරටත් පැවසීය.