ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනය නිමිත්තෙන් චීන ජනපති ෂී ජින් පිං මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.
චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් ජනාධිපති ෂී, ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සහ ශ්‍රී ලංකා ජනතාවගේ සතුට වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් මෙම සුබ පැතුම් පණිවිඩය යොමුකර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේය.
ශක්තිමත් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය, ගැඹුරු ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ පුළුල් ඒකාබද්ධ ප්‍රායෝගික සහයෝගීතාවයෙන් යුතුව COVID-19 වසංගතය විසින් ඇති කරන ලද විශාල අභියෝගයන්ට චීනය-ශ්‍රී ලංකා සබඳතා මුහුණ දුන් බව ෂී සිය පණිවිඩයෙන් අවධාරණය කළේය.
චීන-ශ්‍රී ලංකා සබඳතා නව තලයකට ඔසවා තැබීම සඳහා ජනාධිපති රාජපක්ෂ සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ඇති කැමැත්ත ජනාධිපති ෂී මෙහිදී අවධාරණය කළේය.
මේ අතර, අගමැති ලී කෙකියැං ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිය සුබ පැතුම් එක්කර තිබේ.
COVID-19 වසංගතයෙන් පසුව දෙරටේ අන්‍යෝන්‍ය සහයෝගය බෙහෙවින් පැසසුමට ලක් කළ අගමැතිවරයා, වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ පුනර්ජීවනය සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට චීනයේ දැඩි කැපවීම පුළුල් කරන බව පැවැසීය.
චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී ද නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත උණුසුම් පණිවිඩයක් ලබා දුන්නේය.