සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් රුපියල් දසදහසක මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ කොමිෂමේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේ එම මුදල ගිල දැමු බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ගම්පහ රෝහලට ඇතුලත් කොට ඇත.
ගම්පහ ප්‍රදේශයේ පොලිස්ථානයක සේවය කරමින් සිටියදී සිද්ධියවූ අවස්ථාවේ අල්ලස් කොමිෂමේ නිලධාරීන් සමග මෙම නිලධාරියා පොර බදා ඇති අතර එම රෝගී තත්ත්වය සහ ගිල දැමු මුදල ගැනීම පිනිස මොහු රෝහල් ගත කොට ඇති බවත් අද (30) සවස වන තෙක් එම මුදල් ගැනීමට නොහැකි වූ බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය.
මේ අතර මොහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත් අධ්යක්ෂවරයා සදහන් කළේය.