වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරණු ලබන නාවික සෙබලෙකු නිවාඩු ලබා පිටිගල පොරවගම පිහිටි නිවසට පැමිණ යළි කඳවුරට ගොස් සිටියදි කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු නාවික සෙබලා සමග සම්බන්ධතා පැවැත්වු පවුල් 06කට අයත් පුද්ගලයින් 40 ස්වයං නිරෝධායනයට ලක්කළ බව පිටිගල පොලීසිය පවසයි.
මෙකි නාවික සෙබලා ඉකුත් 22 වැනිදින නිවාඩු ලබා නිවසට පැමිණ ඇත. 29 වැනි දින යළි කඳවුරට ගොස් ඇති බව පොලීසිය පවසයි. නාවික සෙබලාට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු ඔහු ඇසුරු කළ පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායනයට ලක්කළ බව පොලීසිය පවසයි.
නාවික සෙබලාගේ බිරිද හා දරු තිදෙනාද පි. සි.ආර් පරික්ෂණයකට රැගෙන ගිය බවද පොලීසිය පවසයි. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ මොවුන් නිරෝධායනයට ලක්ව සිටින බවද පොලීසිය පවසයි.