2015 මාර්තු මස 23 වැනිදා සිට අවස්ථා 24කදීශ්රී ලාංකිකයන් 36,995 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
බත්තරමුල්ල සුහුරුපාය දී පසුගිය 30 වැනිදා පැවැති උත්සවයකදී විදේශගත ශ්‍රී ලාංකිකයන් 915 දෙනෙකු සඳහා ද්විත්ව පුරවැසි සහතික පත් ප්රදානය කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව,ප්‍රංශය, ඉතාලිය,ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය ඇතුළු රටවල් කිහිපහක පුරවැසි බව ලබා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙලෙස ද්විත්ව පුරවැසිභාවයට හිමිකම් ලැබූ බවද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
1987 වර්ෂයේදී ආරම්භ කළ ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධව 2015 ජනාධිපතිවරණයෙන් පසු නව ක්රමෝපායක් සකස් කර තිබෙන බවද එම අමාත්‍යාංශය පවසයි.
එහිදී අදහස් දැක්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්යවජිර අබේවර්ධන මහතාසඳහන් කළේ,විදේශිකයෙකු ඇමෙරිකන් ඩොලර් ලක්ෂ පහක තැන්පතුවක් ඉදිරිපත් කරන්නේ නම්, වසර 10කට වීසා ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ අමාත්‍යමණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවයි.
විදේශිකයෙකු ඇමෙරිකන් ඩොලර් ලක්ෂ තුනක තැන්පතුවක් ඉදිරිපත් කළ විට, ශ්‍රී ලංකාවේ වසර පහක වීසා ලබාගැනීමටහැකිවන පරිදි එම කැබිනම් පත්‍රිකාව සකස් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමගින් වැඩි වශයෙන් විදේශිකයන් මෙරට පදිංචිය සඳහා ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.