දුම්රිය ස්ථානාධිපති, නියාමක, රියදුරු, පාලකවරුන්ගේ වැටුප් විෂමතා විසඳන බවට අද (27දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ නිසා 29 වැනිදා දින සිදුකිරීමට නියමිත වැඩවර්ජනය නවතා දැමූ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
අද (27දා) සවස පැවැති සාකච්ඡාවේදී මාස 02ක් තුළ ගැටලු විසඳන බව පොරොන්දු වූ බවද දුම්රිය අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.